(සුමිත් පොතුපිටිය)
මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාශය සමත්ව ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, පානදුර , පයාගල, බණ්ඩාරගම සහ ඌරගහ ප්‍රදේශයේ පදිංචි 30,32, 36 සහ 51 වියැති පුද්ගලයින් බව පොලිසිය කීය.
පසුගිය අප්‍රේල් මස 17 දින රාත්‍රී බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපරිකයකුට මන්නා වලින් පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්දයෙන් කළ විමර්ශණ වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කඩුවක් මන්නා දෙකක්, අපරාධ සදහා යොදාගත් බව කියන ජංගම දුරකථන තුනක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්වූවන් අතර පසුගිය වසරේ පානදුර ප්‍රධාන ඇගළුම් කර්මාන්ත ශාලාවක් තුලදී එලව එලවා මන්නා පහර එල්ලකර පුද්ගලයකු කපා කොටා ඝාතනය කළ ප්‍රධාන සැකකරුවන්ද සිටින බව පොලිසිය කීය.
සැකකරුවන් ප්‍රදේශයේ කප්පම් ගැනීම් සහ බියවැද්දීම් සිදුකිරීම සම්බන්දයෙන් ජනතාව භීතියට පත්ව සිටින බවටද හෙලිව ඇති බව වැටලීමට සිදුකල උසස් නිළධාරියෙක් කීය.